
විදුහල්පති පණිවිඩය
ආර්.එම්.සී.රන්දෙනි මයා
සාරානාත් විද්‍යාලය වසර 142ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන සත්කෝරලේ විශිෂ්ටතම විද්‍යස්ථානයයි. ආයතනයක් විශිෂ්ටත්වයට පත්වීමේ නිර්ණායක මෙතකැයි කියා ගැනිය නොහැකිය. ආයතනය කෙරෙහි එහි පාර්ශවකරුවන්ගේ විශ්වාසය ඉහල අගයක රදවා ගැනීම එයින් ප්‍රමුඛ වේ. දෙමාපියන් විසින් පාසල වෙත ලබා දෙන දරුවා නැණවත්, ගුණවත්, පොහොසත් දරුවෙකු බවට පත් කිරීම සාරානාත් විද්‍යාලයේ ඒකායන අරමුණ බැවින් ඉහත කී පළමු නිර්ණායකය සම්පූර්ණ කිරීමේ ගෞරවය දිනා ගෙන සිටී.
තොරතුරු නිෂ්පාදනය වීම කාර්යක්ෂම සමාජයක ලක්ෂණයකි. එසේ නිෂ්පාදනය වන තොරතුරු සලකා ලෝ වැසි වෙත සම්ප්‍රේෂණය වීම ආයතනයේ අභිමානය තීව්‍ර කිරීම සඳහා දක්වන දායකත්වය ඉතා ඉහලය. මේ සඳහා තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රය ලබා ඇති අති මහත් දියුණුව නිවැරදිව ප්‍රයෝජනයට ගැනීම තුළින් ආයතනයේ පෞරුෂය සංවර්ධනය වේ. සාරානාත් විද්‍යාලයීය වෙබ් පිටුව මේ රික්තකය පුරවනු ඇතැයි මාගේ අපේක්ෂාවයි.
පාසල් දොරටුවෙන් සමාජයට පා තබන පුරවැසියා විද්‍යුත් සමාජයට නෑකම් කියන්නෙකි. තොරතුරු තාක්ෂණය ඔහුගේ සකල විද කාර්යයන් හා බැඳී පවතී. පිළිසිඳ ගැනීමේ සිට අවසන් මරණ සහතිකය දක්වා සියළු කටයුතු නිවසේ සිට විද්‍යුත් තිරයක් මත ලබා දෙන නියෝගයකින් සම්පූර්ණ කර ගත හැකි වීමේ පරිසරය නිර්මාණය වී හමාරය. එබැවින් එයින් දුරස් වූ පුරවැසියන් නිෂ්පාදනය කිරීම රටකට කිසිසේත් ඵලදායී නොවේ. අප එම වගකීම නිසි පරිදි ඉටු කරමින් සිටින්නේ මෙම තත්වය මනා ලෙස අවබෝධ කර ගෙනය.
සාරානාත් විද්‍යාලයීය වෙබ් පිටුව තුළින් ඉහත අරමුණු කෙටි කාලයක් තුළ ඉටු වේවා යැයි ප්‍රාර්ථනා කරමි.
ආර්.එම්.සී.රන්දෙනි මයා
විදුහල්පති
සාරානාත් විද්‍යාලය.