සාරානාත් විද්‍යාලය

කුලියාපිටිය

සාරානාත් විද්‍යාලය

Annual Sports meet of Saranath College 2024

Prefect Board of 2024-2025

Sara' Thilothilakavandana 2024

slider2.png
slider2.png

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (6 -10)ශ්‍රේණියන් සඳහා 

  • විලාසිතාවලින් තොරව කොණ්ඩය කොටට කපා තෙල් ගා හොදින් වමේ සිට දකුණට පීරා තිබිය යුතුය.(සයිඩ් බර්න්ස් කන් ගැටය මට්ටමට කැපිය යුතුය.උල් නොවී හතරැස් විය යුතුය.)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
  • ඉණ පටියේ ඉදිරිපස මධ්‍යයේ සිට අඟල් 1/2 ක් දකුණට හක් සවිකළ හැකි විය යුතුය.
  • කොට කලිසම ඉහත ලෙසින්ම විය යුතු අතර,දණහිසේ සිට අගලක් උස් විය යුතුය.
  • සුදු මේස් සහිත මිල අඩු චාම් කළු පැහැ  ලෙස් සපත්තු පැළදිය යුතුය.ඉදිරිපස උල් වූ හා එසවුණු සපත්තු නො පැළදිය යුතුය.සපත්තු පැළදිය නොහැකි අවස්ථාවකදී විලාසිතා නොයෙදූ කළු පැහැති පාවහන් පැළදිය යුතුය.(සෙරෙප්පු)
  • දෛනිකව රැවුල සම්පුර්ණයෙන් කපා පැමිණිය යුතු ය .
  • පිරිමි  දරුවන්ද ඇහිබැම සකස් නොකළ යුතුය.

නිල ඇඳුම සමඟ අත් ඔරලෝසුවක් පලදිනවානම්,එය සුදු මුහුණතක් ඇති කළු ඔරලෝසුවක් වීම අනිවාර්ය වේ.   .

පිරිමි ළමුන් (11-13) ශ්‍රේණියන් සඳහා 

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.(ඇලවීම නොකළ යුතුය.)
  • අතේ දිග වැලමිටේ සිට අඟලක් විය යුතුය.
  •  
  • සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
  • කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
  • කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.

නිල ඇඳුම සමඟ අත් ඔරලෝසුවක් පලදිනවානම්,එය සුදු මුහුණතක් ඇති කළු ඔරලෝසුවක් වීම අනිවාර්ය වේ.   .

.

ගැහැණු ළමුන් (6-13) ශ්‍රේණියන් සඳහා

  • කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
  • ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
  • සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
  • කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
  • කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
  • බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.