
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
කේ. එම්. සී.ඒ.යූ.ප්‍රියංකර මයා.
වසර 142කට වැඩි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන සාරානාත් විද්‍යාලය විශිෂ්ටත්වය කරා යන ගමනට සුබ පැතුම් පිරිනමමින් මෙම පාසල් නිළ වෙබ් අඩවිය වෙත පණිවිඩයක් නිකුත් කරන්නේ මහත් ආඩම්බරයකින් හා සතුටිනි.සාරානාත් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දූදරැවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම අපගේ අභිප්‍රායයි. අපගේ පාසලේ මෙහෙවර වන්නේ ජාති ,ආගම්, කුල භේදයකින් තොරව සියලුම දරු දැරියන්ට අධ්‍යාපනයේ සම අවස්ථා අරමුණු කරා පියනැගීම ය. ගෝලීය පුරවැසියකු බිහිකිරීම සදහා විෂය හා විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් පරිපූර්ණ පෞරුෂයක් සහිත දරුවෙකු බිහිකිරීම අපගේ කාර්යභාරය යි. ඒ සඳහා කැපවෙන අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට දූ දරුවන් ට හා දෙමාපියන් ට මාගේ ප්‍රණාමය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. නිළ වෙබ් අඩවිය මගින් අපගේ කාර්ය පහසු කිරීම හා සාරානාත් නාමය විශ්වය පුරා විහිදුවාලීමට දරණ වෑයමට සුබ පැතුම් එක් කරමි.
කේ. එම්. සී.ඒ.යූ.ප්‍රියංකර මයා.
නියොජ්‍ය විදුහල්පති (අධ්‍යාපන පරිපාලන )
සාරානාත් විද්‍යාලය .