ඇතුගල්පුරවරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
ක්‍රි.ව.1882 ක් වූ දෙසැම්බර් 01 දින සාරානාතයේ ආරම්භය සටහන් වන්නේ ආණ්ඩුවේ ස්වභාෂා පිරිමි පාඨශාලාව ලෙසිණි. ලෑලි ගසා පොල් අතු සෙවිලි කළ මඩුවක 60 දෙනෙක් එහි ශිෂ්‍යයෝ ලෙස ඉගෙනුම ආරම්භ කළහ.
මුල් කාලය තුළ මෙම පාසලේ ප්‍රාථමික විෂයයන් පමණක් ඉගැන්වුණි. එනම් කියවීම, ලිවීම, ගණිතය, යන විෂයන්ය. ආරම්භයේ සිට මේ දක්වා ක්‍රමයෙන් අභිවෘද්ධිය කරා ගමන් කරන මෙම තක්සලාවේ 1890 වර්ෂය වන විට පස් වැනි පන්තිය දක්වා අධ්‍යාපන කටයුතු පවත්වා තිබීම සුවිශේෂී ඓතිහාසික සිද්ධියකි. මේ වන විට පාසලේ පරිපාලනමය කටයුතු සිදු කරන ලද්දේ ඩබ්.ඒ.රණවීර විදුහල්පතිතුමා විසිනි.
මේ කාලවකවානුව වන විට පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට පුර අටවක සඳ උදා විය. භූගෝල විද්‍යාව, සෞඛ්‍ය, කෘෂිකර්මය යන විෂයන් ඉගැන්වීම ආරම්භ විය. 1912 දී මෙම පාසලට ස්ථිර ගොඩනැගිල්ලක ජයග්‍රහණයත් සමඟ විදුහලේ ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වීමේ ප්‍රවණතාවයක්ද, අට ශ්‍රේණිය දක්වා පන්ති ඉහළ යාමක්ද සිදුවිය.
ආදී සාරානාතය ආරම්භයේ සිට මේ දක්වා ගමන් ගත් මාර්ගය කටු කොහොලින් පිරිණක් වුවද ද්වි භාෂා පාඨශාලාවක් බවට පත්වීම මෙම පාසල ලද භාග්‍යයකි.
වසර 70ක පමණ ආයු කාලයකට නෑකම් කියූ අප තක්ෂිලාව එක් අවස්ථාවකදී අපූර්වතම සිදු වීමකට මුහුණ පෑවේ කඳුළුබර දෙනෙතිනි. එහිදී 1951 ජූලි මස 07 වන දින මෙම විදුහල කුලියාපිටිය මීගහකොටුවට ගෙනගිය අතර මෙම ස්ථානයේ ඉතිරි වූයේ මූලිකවම පැවති සිංහල මිශ්‍ර පාඨශාලාව පමණි. වර්තමාන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ මූලාරම්භය සාරාන්ත් විදුහල් භූමිය ආශ්‍රිතව සෑදූ වූ බව අමතක කළ යුතු නොවේ.
1961 වර්ෂයේදී කේ.කේ.සියාතුබණ්ඩා මහතා මෙම විදුහලේ විදුහල්පති බවට පත් විය. විශ්ව විද්‍යාලයට ප්‍රථම වතාවට විදුහලෙන් ශිෂ්‍යයකු ඇතුළත් වූයේ මෙම අවධියේදීය. වර්ෂ 1965 දී ඕ.එල්.අප්පුහාමි මහතා විදුහල්පති වශයෙන් පත් වූ අතර විද්‍යාලයට නව අංශ රාශියක් මෙම කාලයේදී එක් විය. ඒවා අතර විද්‍යාලයීය ප්‍රධාන ශාලාව, විද්‍යාගාරය, ලී හා ලෝහ අංශය, ඉදිරිපස දෙමහල් ගොඩනැගිල්ල, ක්‍රීඩා පිටිය ආදිය ද වාණිජ විෂය ක්ෂේත්‍රයද, අමාත්‍යව සිටි අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මැතිතුමාගේ අනුග්‍රහයද අමතක කළ නොහැක.
වර්තමානයේ කුලියාපිටිය දෙමළ පාසල 1970 මාර්තු 22 දින වනතුරුම මෙම භූමියේ පවත්වාගෙන ගිය බව විද්‍යාලයීය ඉතිහාසය අධ්‍යයන කරන විට පැහැදිලි වේ. වර්ෂ 1970 අග භාගයේදී විදුහල්පති වශයෙන් පත්ව ආ බී.එම්.සිරිවර්ධන මහතාගේ කාලය සෞන්දර්ය අංශයේ හා ක්‍රීඩා අංශයේ වැදගත් කාල පරිච්ඡේදයක් විය. එනම් ප්‍රථම වරට අංග සම්පූර්ණ නිවාසන්තර ක්‍රීඩා උත්සවයක් පැවැත්වීම හා යුනෙස්කෝ ගායන වාදන තරගයට ඉදිරිපත් වී ජයග්‍රහණ ලබා ගැනීමයි.
මින් අනතුරුව විදුහල්පතිව ආ පූජ්‍ය කටානේ පඤඤානන්ද හිමියන්ගේ සමයේදී එනම් 1974 – 1977 කාලයේ පුස්තකාලය විදුහලට එක් විය. අනතුරුව විදුහල්පතිව ආ එච්.එම්.දයානන්ද හේරත් මහතාගේ කාලයේ එනම් 1986 සැප්තැම්බර් 01 වෙනි දින මෙම විද්‍යාලයේ පර්ෂද මූලස්ථ විදුහලක් බවට පත්විය.
1987 සැප්තැම්බර් 10 වෙනි දින විදුහල්පතිව ආ බී.එම්.එච්.බන්නැහැක මහතාගේ කාලයේදී ඇණහිට තිබූ උසස් පෙළ විද්‍යා අංශය නැවත ආරම්භ විය. විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් අතර අභාවප්‍රාප්ත අධ්‍යාපන සේවා හා පුනරුත්ථාපන කටයුතු පිළිබඳ අමාත්‍ය ලයනල් ජයතිලක මැතිතුමාද, කුරුණෑගල පළාත් සභා මන්ත්‍රී එච්.එම්.දයානන්ද මහතාද සඳහන් කිරීම වැදගත්ය.
මෙම විද්‍යාලයේ ස්වර්ණමය යුගය උදාවූයේ 1989 වර්ෂයේදී එම්.ජී.එස්.රූපස් විදුහල්පතිතුමාගේ පැමිණීමෙත් සමඟය. මෙම වර්ෂයේ අගභාගයේ දී කුලියාපිටිය මහ විදුහල “ සාරානාත්” නමින් අභිශෝක කරනු ලැබීය. එම කාලය තුළදී ක්‍රීඩා, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, උසස් පෙළ ප්‍රතිඵල ඉතා ඉහළ මට්ටමකින් පැවති අතර උසස් පෙළ කලා අංශයෙන් ලංකාවේ දෙවන ස්ථානයද හිමි කර ගන්නා ලදී. ඉන්පසුව විදුහල්පතිවරුන්වන බී.ඒ.සී.ඩී.බෙනඩික් මහතා, ඩී.එම්.එස්.යූ.ඩී.බන්නැහැක මහතා ආර්.එම්.ජයසේකර මහතා බී.එම්.ජයවිමල මහතා, ජී.ඩී.එස්.සමරනායක මහතා, ආර්.පී.ඩී.සමරනායක මහතා, ආර්.පී.ඩී.ජයතිලක මහතා, ආර්.එම්.සී.රන්දෙනි මහතා සේවය කර ඇත.
සාරානාතයේ වර්තමාන විදුහල්පති ලෙස ආර්.එම්.සී. රන්දෙනි මහතා කටයුතු කරන අතර පුරා වසර 132 කට පසු සාරානාත් මතාව ගමන් කළ මගෙහි සාඩම්බර බව කියාපාන පාසල් පිරියතක් ඇය සතුව ඇති අතර වර්තමාන විදුහල්පතිතුමාගේ අරමුණ ජාතික පාසල් අතර තරගකාරී පාසලක් ලෙස ඇයව ඔසවා තැබීමටයි. අක්කර 07ක භූමි පුදේශයක් තුළ ව්‍යාප්තව පවතින බැවින් අද දවසේ ඇගේ ඇකයේ උණුසුම ලබන දරු දැරියන් සංඛ්‍යාව 2963කි. ඔවුන්ට විෂය මඟ පෙන්වව නියමුවන් 124ක් පමණ වේ. අනධ්‍යයන කාර්ය මණ්ඩලයද 09 දෙනෙකු පමණ සේවය කරයි.
කුලියාපිටිය නගර මධ්‍යයේ කුරුණෑගල පාරට මුහුණලා පිහිටි 1AB වර්ගයේ පාසලක් වන සාරානාත් විදුපියස පළාත් තුළ ප්‍රධානතම පාසල නමින් කීර්ති ප්‍රශංසා ලබමින් සිටියි.
6 – 8 ශ්‍රෙණි සමාන්තර පන්ති 6 බැඟින්ද 9 – 11 ශ්‍රේණි සමාන්තර පන්ති 7 බැඟින්ද පවත්වාගෙන යන අතර 6 -11 ශ්‍රේණි වල ද්වි භාෂා මාධ්‍යෙයන් එක් පන්තිය බැඟින් පවත්වාගෙන යයි.
ශ්‍රේණි පරාසය තුළ විද්‍යා, කලා ,වාණිජ , තාක්ෂණික ආදී විෂය ධාරාවන් සහිත පන්ති 31ක්ද විෂයයන් 75ක් පමණ ඉගෙනීමේ අවස්ථාවද වර්තමානය වන විට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජීව විද්‍යා පන්තියක් ආරම්භ කර ඇත. සෑම වසරකම පාහේ එම විෂය ධාරාවන්ගෙන් සමස්ත ලංකා මට්ටමේ නිපුණතාවන් ඔවුහු හිමි කර ගනිති.
පාසලේ අධ්‍යාපනික කටයුතු සඳහා භෞතික සම්පත් අතර තෙමහල් ගොඩනැගිලි 2ක්, දෙමහල් ගොඩනැගිලි 03ක්, මහින්දොදය තාක්ෂණ විද්‍යාගාරයක්, බිම්මහල් 07ක්, ප්‍රධාන ශාලාව, පරිගණක ඒකකය, චිත්‍ර කාමරය, නාට්‍ය හා රංග කාමර, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විද්‍යාගාර, ශිෂ්‍යභට කාමර , සංගීත කාමර ගෘහ විද්‍යාගාරය, දන්ත සායන ඒකකය යනාදිය භාවිතා කරයි.
විෂය සමගාමී ක්‍රියාකාරකම් අතර ක්‍රිකට්, චෙස්, කැරම්, කරාතේ , පිහිණුම්, බොක්සීං, බැඩිමිටන් යන ක්‍රීඩාවලින් ද පරිසර නියමු, ශිෂ්‍යභට ,ශාන්ත ජෝන් ගිලන් රථ ,රතු කුරුස , බෞද්ධ සංගමය, කලා, වාණිජ, විද්‍යා සංගම්, මාධ්‍ය සංසදය නව නිපයුම් සංගමය, තාරකා විද්‍යා සංගමය යනාදි විෂය භාහිර ක්‍රියාකාරකම් සක්‍රියව පවති. බාලක බාලිකා පෙරදිග හා අපරදිග තූර්ය වාදක කණ්ඩායම් වලින් විද්‍යාලයට නව ආලෝකයක් ලබා දෙයි.
ප්‍රදේශයේ සියළු සාමාජික කටයුතු වලදී ඉදිරියෙන් සිටින සාරානාත් විද්‍යාලය සමාජ සම්බන්ධතා සුහදශීලීව වර්ධනය කරගෙන ඇත. වර්තමාන විදුහල්පති ආර්.එම්.සී.රන්දෙනි මහතාගේ පැමිණීමත් සමඟ එතුමාගේ මඟ පෙන්වීම යටතේ විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය, පාසල් කලමණාකරණ කමිටුව අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩකටයුතු රාශියක් කරනු ලබයි.
ජාතික අධ්‍යාපනික අරමුණු සපුරමින් මනා පෞරුෂත්වයකින් හෙබි ජාතියක් බිහි කරමින් දෙස් විදෙස් කින් කිරුළු පළඳවමින් මතු පරපුක් බිහි කිරීම සාරානාත් මාතාවගේ පරම අභිලාශය වේ. විද්‍යාලයේ දියුණුව පතන ආදි ශිෂ්‍ය සංගමය ද ඉතා සක්‍රිය මට්ටමක පවතින අතර ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය හා කැපවීම සිහිපත් කළ යුතුය.
ආරම්භ කළ වර්ෂය |
1882 දෙසැම්බර් 01 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
60 |
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
පාසලේ ආදි කතෘගේ නම |
ඩබ්.ඒ.රණවීර විදුහල්පතිතුමා |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
සාරානාත් විද්‍යාලය |
පාසල භාරව කටයුතු කිරීම |
ඩබ්.ඒ.රණවීර විදුහල්පතිතුමා |
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
පාසල පැවැත්වූ ස්ථානය |
කුලියාපිටියේ ලෑලි ගසා පොල් අතු සෙවිලි කළ මඩුවක |
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1882 දෙසැම්බර් 01 |