- පාසල් භූමියේ ඇති සියළුම සම්පත් සුරැකීමට හා පාසල් භූමිය නිරතුරු ව පවිත්‍රව තබා ගැනීමට වග බලාගත යුතුයි. (ඉවතලන සියලු ම ද්‍රව්‍ය කසල බදුන් වලට දැමිය යුතුය.)
- ක්‍රීඩා නැටුම් හා නාට්‍ය සඳහා සහභාගී වන සිසුන් එම ඇදුමින් සැරසී පන්ති කාමරයට හෝ විද්‍යාලයේ වෙනත් ස්ථාන වලට නොයා යුතුයි.
- තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට අදාළ නොවන පොත්පත් හා අනෙකුත් කිසියම් දෙයක් (ජංගම දුරකථන, කැමරා, විඩියෝ පට, කැසට් පට, අසභ්‍ය පුවත්පත්) පාසලට නොගෙන ආ යුතුය.
- සෑම දිනකම මෙම පොත රැගෙන ආ යුතුය. (මෙම පොත නොමැතිව දිනපතා පාසලට ඇතුළත් කරනු නොලැබේ.)
- විදුහල්පතිතුමා හෝ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඉල්ලන ඕනෑම අවස්ථාවක මෙම පොත ඉදිරිපත් කළ යුතුයි.
- විවිධ හේතු මත මුදු ,නූල් , සුර පැළඳීමේදී විනය කමිටුවේ අනුමැතියක් සහිතව පැලඳිය යුතුය.
- ඩෙස්, පුටු, ගොඩනැගිලි හා වැසිකිළි, කැසිකිළි නිසි ලෙස භාවිතා කළ යුතු අතර ඒවායේ විවිධ දෑ ලිවීම සපුරා තහනම් වේ.
- පාසලින් වේලාසනින් බැහැරව යාමට අවශ්‍ය විට නියමිත ලෙස මෙම පොතෙහි සටහන් තබා අත්සන් කළ යුතු ය.
- විශේෂ අවශ්‍යතාවයකට පාසලින් බැහැරව යන්නේ නම් මව/ පියා/ භාරකරු සමඟ පැමිණිය යුතු ය.
- පාසල අවසන් වන වාදන ඛණ්ඩය ඇසුන සැනින් කඩිනමින් තම පන්ති වෙත යා යුතුය.පසුව පාසල් පැතුම ගායනා කර පන්තියේ සිටින ගුරුතුමා ගුරුතුමියට ආචාර කොට පේළියට පිටත් විය යුතු ය.
- අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටීමෙන් පසු ප්‍රතිඵල බැලීමට පැමිණෙන සියළුම ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් සම්පූර්ණ නිල ඇදුමින් පැමිණිය යුතු ය.
- අ.පො.ස. (උ.පෙ.) විභාගයට පෙනී සිටීමෙන් පසු අස්විම් සහතිකය ලබාගන්නා තෙක්ම සියළුම ශිෂ්‍ය / ශිෂ්‍යාවන් සම්පූර්ණ නිල ඇඳුමෙන් පැමිණිය යුතු අතර වසරක් තුළ අස්වීම් සහතිකය ලබා ගත යුතු ය.
- පාසල හැර ගිය ශිෂ්‍ය / ශිෂ්‍යාවන් ලා පැහැති වාම් බවින් යුතු සුදුසු ඇදුමකින් සැරසී පාසලට පැමිණිය යුතු ය.
ගැහැනු :- (white colour blouse and white colour long skirt)
පිරිමි :- සුදු අත් දිග කමීසය සහ කළු පැහැති දිග කලිසම
- විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සඳහා පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්තයේ පැමිණෙන්නේ නම් සම්පූර්ණ නිල ඇඳුමෙන් සැරසී අදාළ ගුරු භවතා සමඟ පැමිණිය යුතු ය.
- පොදු විභාගවලට හා විෂය බාහිර කටයුතුවලට පාසල නියෝජනය කරමින් සහභාගී වීමේදී සහ පොදු වාහනවල ගමන් කීමේදී තමාගේත් පාසලේත් ගෞරවය රැකෙන පරිදි සහභාගි විය යුතු ය.
- සවස පන්ති හෝ වෙනත් මොනයම් හෝ කටයුත්තකට නතර වූ සිසුන් එම ස්ථානයේ සිට ගේට්ටුව දක්වා පේළියට පැමිණිය යුතුය.
- උදෑසන 7.15 ට පෙර, පාසල් විවේක කාලයේ සහ සවස 1.30 ට පසු පමණක් ආපන ශාලාව භාවිතා කළ යුතු ය.