සාරානාත් විද්‍යාලය

කුලියාපිටිය

සාරානාත් විද්‍යාලය

නිර්මාතෘවරු

Annual Sports meet of Saranath College 2024

Prefect Board of 2024-2025

Sara' Thilothilakavandana 2024

slider2.png
slider2.png

ක්‍රි.ව.1882 ක් වූ දෙසැම්බර් 01 දින සාරානාතයේ ආරම්භය සටහන් වන්නේ ආණ්ඩුවේ ස්වභාෂා පිරිමි පාඨශාලාව ලෙසිණි. ලෑලි ගසා පොල් අතු සෙවිලි කළ මඩුවක 60 දෙනෙක් එහි ශිෂ්‍යයෝ ලෙස ඉගෙනුම ආරම්භ කළහ.

මුල් කාලය තුළ මෙම පාසලේ ප්‍රාථමික විෂයයන් පමණක් ඉගැන්වුණි. එනම් කියවීම, ලිවීම, ගණිතය, යන විෂයන්ය. ආරම්භයේ සිට මේ දක්වා ක්‍රමයෙන් අභිවෘද්ධිය කරා ගමන් කරන මෙම තක්සලාවේ 1890 වර්ෂය වන විට පස් වැනි පන්තිය දක්වා අධ්‍යාපන කටයුතු පවත්වා තිබීම සුවිශේෂී ඓතිහාසික සිද්ධියකි. මේ වන විට පාසලේ පරිපාලනමය කටයුතු සිදු කරන ලද්දේ ඩබ්.ඒ.රණවීර විදුහල්පතිතුමා විසිනි.

මේ කාලවකවානුව වන විට පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට පුර අටවක සඳ උදා විය. භූගෝල විද්‍යාව, සෞඛ්‍ය, කෘෂිකර්මය යන විෂයන් ඉගැන්වීම ආරම්භ විය. 1912 දී මෙම පාසලට ස්ථිර ගොඩනැගිල්ලක ජයග්‍රහණයත් සමඟ විදුහලේ ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වීමේ ප්‍රවණතාවයක්ද, අට ශ්‍රේණිය දක්වා පන්ති ඉහළ යාමක්ද සිදුවිය.ආදී සාරානාතය ආරම්භයේ සිට මේ දක්වා ගමන් ගත් මාර්ගය කටු කොහොලින් පිරිණක් වුවද ද්වි භාෂා පාඨශාලාවක් බවට පත්වීම මෙම පාසල ලද භාග්‍යයකි.